ජුවානිස් වීරසිංහ සහ සෝමාවතී වනිගසූරිය යන යුවළට දාව 1949 ඔක්තෝබර් මස පස්වැනිදා වේයන්ගොඩදී සේනාරත්න වීරසිංහ මෙලොව එළිය දුටුවේය. වේයන්ගොඩ ප‍්‍රාථමික විදුහලෙන් මූලික අධ්‍යාපනයත් වේයන්ගොඩ මහ විදුහලෙන් (වර්තමාන ජනාධිපති විදුහල* ද්වීතියික අධ්‍යාපනයත් ලබන ඔහු ඉන්පසු උසස් අධ්‍යාපනය පිණිස රජයේ ලලිත කලායතනය/හේවුඞ් (වත්මන් සෞන්දර්ය විශ්වවිද්‍යාලය* ඇතුළු වී 1970 වසරේදී කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ජනසන්නිවේදනය හැදෑ? ප‍්‍රථම කණ්ඩායමට අයත්විය.

         උපාධි ප‍්‍රතිඵල ලැබෙන තෙක් ලේක්හවුස් ආයතනයේ පුවත්පත්වල නිදහස් පත‍්‍රකලාවේදියෙක් ලෙස කටයුතු කළ අතර එම ආයතනය මුද්‍රණය කළ ‘‘සමූපකාරය’’ පුවත්පතේ කතුවරයා ලෙස කටයුතු කළේය.

          1976 දී මිල පාලන දෙපාර්තමේන්තුවේ මෙක්ටි‍්‍රක් පරිවර්තන කටයුතු භාර මාධ්‍ය නිලධාරියා වශයෙන් කටයුතු
කළේය. ඉන්පසුව 1980 දී ක‍්‍රීඩා අමාත්‍යංශයේ ප‍්‍රවෘත්ති හා ප‍්‍රචාරක නිලධාරියා ලෙස සේවය කළේය. 1983 වසරේ නාගරික සංවර්ධන අධිකාරියේ ෂශී්‍ය ව්‍යාපෘතියේ විදේශ මාධ්‍ය විශේෂඥයාගේ සහාය නිලධරයා ලෙස කටයුතු කර ඇති අතර 1985දී එම සේවය ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අනුයුක්ත කෙරිණ. 2004 වසරේදී නිවාස, ඉදිකිරීම් හා නැගෙනහිර සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත්වීම් ලැබ 2007 වසරේදී සේවයෙන් විශ‍්‍රාම ගත්තේය.

        1982 වසරේදී ප‍්‍රභා ගොඩගේ මෙනෙවිය සමග විවාහ දිවියට පත්වන ඔහුට කසුන් මනෝරම සහ චතුර මනෝහර නමින් දරුවන් දෙදෙනෙකි. සහෝදරයන් තිදෙනෙකුගෙන්යුත් පවුලේ දෙවැන්නා ඔහුය. බාල සොහොයුරා වන ගුණසේකර වීරසිංහ සිනමාවට සම්බන්ධව කටයුතු කරයි. අනෙක් සහෝදරයින් ජීවතුන් අතර නැත.

       1983 වසරේදී ප‍්‍රථම පරිවර්තන කෘතිය ලෙස කමලා දාස් ගේ ‘‘රත්සර කැකුළු’’ පරිවර්තයෙන් පොත් ප‍්‍රකාශනය ආරම්භ කරයි. එම කෘතිය අතිශයින් ජනාදරයට පත්විය. එමෙන්ම විචාරක සම්භාවනාවට පාත‍්‍ර විය. 1984 වසරේ ක‍්‍රීඩා පුවත්පතට ලියූ ‘‘දෙපාලදිමි’’ කෘතිය පොතක් ලෙස ඉන්පසු එළිදක්වන ඔහු මේ දක්වා පරිවර්තන කෘති සහ වෙනත් නිර්මාණ 60කට අධික ප‍්‍රමාණයක් ජාතියට දායාද කොට ඇත.

Loading...